අයවැය ගැන ඇමැති සියඹලාපිටිය කියන දේ…!

ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහි අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය (12) දින අවිස්සාවේල්ලේ දී පැවසීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය මේ වන විටත් සැකසෙමින් පවතිනවා. එය (12) රාත්‍රීයේදී මුද්‍රණය කිරීමට නියමිතයි. කෙටි කාලීන ජනප්‍රියතාවය උදෙසා හෝ මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය සකසා නෑ.

ජනාධිපතිවරයා රට භාරගැනීමේදී සඳහන් කළ ආකාරයට දිගු කාලීන ස්ථාවර එමෙන්ම පෙර සේ ආර්ථිකයේ පතුලට නැවත වතාවක් රට නොවැටෙන ආකාරයට කටයුතු කරන බවට කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙවර අයවැය සැකසෙනවා.

සමස්ථ ජනතාව පීඩනයෙන් පසුවන අවස්ථාවක ඒ සඳහා විසඳුම් සෙවීමේ අභියෝගය, දීර්ඝ කාලීනව නැගිටින රටක් බවට රට පත්කිරීමේ අභියෝගය මෙන්ම ඒ සඳහා වියදම් සොයාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙවර අයවැය සකසා තිබෙනවා. ඒ සියල්ලට වඩා මෙතෙක් කළක් අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට හෝ භාණ්ඩාගාරයට තිබූ අසීමිත අයිතිවාසිකම් මේ වන විට රජයට නෑ. සීමිතව ඇති එම අයිතිවාසිකම උපයෝගී කරගනිමින් දේශිය හා විදේශීය වශයෙන් ණය කෙරෙහි අවධානය යොමු කරමින්, අයවැය පරතරය අවම වට්වමක රඳවා ගැනීමේ අභියෝගටද දැඩිව මුහුණ දෙමින් මෙවර අයවැය සකස් කර තිබෙනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *