ලොකු පෙනුමක් තිබුනට මම තාම චූටියි අනේ..!, ඔබ ආදරේ කරන යෙනුකි හෙවත් දසුනි සෙනෙත්මා කියපු කතාව..!

හිරු නාලිකාවේ විකාශය වුණු ‘මහවිරු පණ්ඩු’ ටෙලිනාට්‍යයේ භූමි කුමරිය විදියට අපි අතරට ආව ඇය තමයි දසුනි සෙනෙත්මා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දිනවල දසුනිව දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේම විකාශය වන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ යෙනුකු විදියට. ඉතින් දැන් දසුනිට ගොඩක් දෙනෙක් කතා කරන්නේ යෙනුකි කියලා. ඒ තරමටම ඇගේ ඒ චරිතය ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ලැබිලයි තියෙන්නේ.

ඉතින් මේ විදියට විවිධ චරිත හරහා විවිධ රංගනයන් තුලින් අපි අතරට එන දසුනි තවම පාසල් යන කුඩා දරුවෙක්. ඇය කියන්නේ ඇය තවම චූටි ළමයෙක් කියලා. කවුරුත් හිතන්න නැතුව ඇති දසුනිට තවම වයස අවුරුදු 17ක් කියලා. ඉතින් මෙහෙම ලොකු පෙනුමක් තිබුනට ඇය තවම පාසල් යන කුඩා දරුවෙක් කියලයි දසුනි කියන්නේ. ඉතින් ඇය ඇගේ ජීවිතයේ මෙතෙක් නොකී රහස් ටිකක් පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.

” මම ක්ශේෂ්ත්‍රය තුල ටිකෙන් ටික ඉහළට යනකොට ඒක දරාගන්න බැරිව ඉන්න කිහිප දෙනෙක් මගේ කකුලෙන් අදිනවා. ශූටින් කරන අතර තුරේ මට අහන් ඉන්න බැරි වචන කියලා බනිනවා. මම කියන්නේ මෙහෙම ලොකු පෙනුමක් තිබුනට මට තවම වයස අවුරුදු 17යි. මම තාම චූටියි. ඉතින් මට ක්ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්න උදව් කරන්න ඕන කාලෙක මගේ කකුකෙන් ඇදලා මාව පල්ලෙහාට දාන්න කට්ටිය බලන් ඉන්නේ. ඒ මේ ක්ශේෂ්ත්‍රයේ ම කට්ටිය තමයි. ඉතින් කියන්නේ මම තැලෙන්න තැලෙන්න තවත් මුවහත් වෙනවා. ඒ නිසා මාව කවදාවත් වට්ටන්න හම්බවෙන්නෙ නෑ.”

ඉතින් තමන් ලබන අමිහිරි අත්දැකීම් ගැන දසුනි එහෙමත් නැතිනම් රැල්ල වෙරලට ආදරෙයි හී යෙනුකි කියලා තිබුණේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *