වාහන ආනයන බලපත්‍ර වහා දියවු..! අයවැය වර්ජනයට සූදනම්..! පක්ෂ විපක්ෂ මන්ත්‍රි 50ක් ආනායන බලපත්‍ර උදෙසා සටනට..!

තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබා දෙන්නැයි මන්ත‍්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් කථානායකවරයාගෙන් මෙන්ම රජයෙන් නැවතත් ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පෙන්වා දී ඇත්තේ රටේ ආර්ථික තත්ත්වය මේ වන විට යම් පමණකට ස්ථාවර වී ඇති නිසා මෙම ඉල්ලීමට ඉඩ ලබා දෙන ලෙසයි.

එමෙන්ම තවත් මන්ත්‍රීවරුන් පිරිසක් වාහන ආනයන බලපත්‍ර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන්ද විමසීම් කර ඇත.

මෙම ඉල්ලීම් කරන වැඩි පිරිස පාර්ලිමේන්තුවට මෙවර පැමිණි නවක මන්ත්‍රීවරුන් වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිස තමන්ටම කියා පුද්ගලික වාහනයක් නොමැති මන්ත්‍රීවරුන්ය.

ඉදිරියේ දී මැතිවරණ කිහිපයක්ම පැවැත්වෙන නිසා ඒ සඳහා යොදා ගැනීමට වාහනයක් අත්‍යවශ්‍ය බවද ඔවුන් පෙන්වා දී ඇත.

තවත් මන්ත්‍රීන් පිරිසක් රජයට දන්වා ඇත්තේ මෙවර අයවැයේදී ආණ්ඩුවට සහාය දීමට හැකිවන්නේ තමන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දුනහොත් පමණක් බවයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *