නාමල් ජනපති වුනොත් ප්‍රියසාද් කොළුවා අගමැතිද.? අද පොහොට්ටු මාධ්‍ය හමුවෙන් බුකිය ඇවිලෙයි..!

අද දින පොහොට්ටු මාධ්‍ය හමුව සඳහා නාමල් රාජපක්ෂ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා සමග එක්වීමත් සමගින් මහින්දගේ අඩිපාරේ යන නාමල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ බේබි කඳවුර තවමත් තම සුපුරුදු ජාතිකවාදී දේශපාලනයෙන් ඉවත් වී නැති බව මැනවින් පැහැදිලි කෙරෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

රාජපක්ෂ පරපුරේ කොදු නාරටිය වූ ජාතිවාදය ලංකාව තුළ වැපිරවීමේ මූලිකම පිළිලයක් වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තෙකු සමග මාධ්‍ය හමුවකට එක්වීම තුලින් නාමල් රාජපක්ෂ තම පරපුරේම ජාතිවාදි දේශපාලනයම තමන් ඉදිරියට ගෙනයන බව ඉතා මැනවින් පිළිඹිබු කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසති.

කෙසේ වෙතත් නාමල් ජනාධිපති වූ දිනක ඩෑන් ප්‍රියසාත් අගමැති ධූරයට පත්වීම ඉඩකඩක් ඇති බව සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාදරයන් අදහස් දක්වා ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *