කොට උඩ ගිය වැඩ 200ක් යළි අරඹයි..!

විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක් ලබන වසරේ මුල් කාර්තුවේ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024 අයවැය යෝජනාවලිය සම්මත කර ගැනීමට හැකි වූ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ආදායම සහ වියදම කළමණාකරණයට අවශ්‍ය පසුබිම මෙවර අයවැයෙන්  සකසා ඇති බව ද සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දීය.

රටේ ආර්ථිකය පවතින්නේ ජනප්‍රිය දේශපාලන සටන් පාඨවලින් විසඳුම් සෙවිය හැකි මට්ටමක නොවන බව මෙහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබූ බවද පෙන්වා දුන්නේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *