කදුකරයට වියළි කාලගුණයක්.. රාත්‍රියේ දැඩි මිදුම්…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් අධික වියළි කාලගුණ තත්ත්වයක් පවති.

රාත්‍රි කාලයේ ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණෙයි.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තත්ත්වයට ඝන මිදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *