තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. රොෂාන් රණසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
අද පත්තර වල දාලා තියෙනවා මම විපක්ෂයට යනවා කියලා.මේක අසත්‍ය ප්‍රකාශයක්. සමහරු උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න.
කෙසේ වෙතත් අයවැය අවසාන ඡන්ද විමසීමේදී තමා ඊට විරුද්ධව ඡන්දය දෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අයවැය අවසාන ඡන්ද විමසීම අද පස්වරු 6.00 ට පැවැත්වෙයි.