බහුතරයක් කාන්තාවෝ රාත්‍රීයේදී ඇඳපු රාත්‍රී ඇඳුම නැවත ගලවන්නේ පසුදින රාත්‍රියේ-නිලි මේධා ජයරත්න

අපේ රටේ ඉන්න ඉතාම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියලා කියන්නේ. තමාට අවේනික වුනු රංගන කව්ෂල්‍යකින් එදා මේද තුර ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලබන ඇය පහුගිය දවසක සදැල්ල පුවත්පතේ ලස්සන කුස්සිය කියන පුවත්පත් අතිරේකයත් සමඟ එකතුවෙලා කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. ඇත්තටම ඉහුම් පිහුම් කරනවා කියන්නේ කලාවක්. එහෙම හිතුවාම ඕනෑම කරුණක් සතුටින් කරන්න පුළුවන්. අනිත් දේ තමයි කාලය කළමනාකරණය කර ගැනීම. එහෙම මුළුතැන්ගෙයි කටයුතු කරනවා නම් වදයක් විදියට දැනෙන්නේ නෑ. මේ හැමදේම අනුගමනය කරන නිසා මුළුතැන්ගෙයි කටයුතු වදයක් විදිහට තාම දැනිලා නෑ.

ලංකාවේ දේශීය කෑම වර්ග වගේම, යුරෝපා රටක බොහෝ කාලයක් සිටි නිසා ඒ රටවලට ආවේනික කෑමත් ඒ ඒ රසට මට හදන්න පුළුවන්. ඇත්තටම රසට උයන්න පුළුවන් හැකියාව මට ලැබුණේ අම්මාගෙන්. අම්මාටත් හරිම රසට කෑම හදන්න පුළුවන්. අත්ගුනේ තියෙන කෙනකු කෑමක් හැදුවාම එතරම් තුනපහ නොදැම්මත් හරිම රසයි. අපි කියමනටත් කියන්නේ සමහර අය වතුරෙන් අනලා කෑම හැදුවත් රසයි කියලා. අනිත් දේ තමයි කෑමක් රස වෙන්න යොදන තුනපහ මාත්තුව වගේම පිසීමට ගන්න වළඳත්, ලිපේ තියන වෙලාවත්, යොදන මිටිකිරි, දියකිරි ප්‍රමාණය පවා බලපානවා.

මම හදන බුරියානි එක කලා ලෝකයේ මිතුරු මිතුරියන් අතරත් හරිම ජනප්‍රියයි. කන හැමෝම කොහොමද හදන්නේ කියලා අහනවාමයි. ම්… තව මම හදන චිකන් ඩෙවල් එකටත් ගොඩක් කැමතියි. ප්‍රයිඩ් රයිසුත් රසට උයන්න පුළුවනි. මම හදන ඔය කෑම තුන කන හැමෝගෙන්ම ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඕනෑම අගය කිරීමකදී උත්තේජනයක් ලැබෙනවා වගේත්ම මේ කටයුත්තේදීත් ඒක එහෙමමයි. සමහරු අවංකවම අගය කරනවා. තවත් සමහර අය බොරුවට මූනිච්චාවටත් අගය කරනවා ඇති. මටයි, නංගිටයි අම්මා පුංචි කාලේ ඉඳලම ගොඩක් දේවල් ලබා දෙන්න උත්සාහ කළා. ඉවුම් පිහුම් විතරක් නොවේ, මැහුම් ගෙතුම් වගේම පිළිවෙල පිරිසිදුකම ගැනත් නිතරම කියලා දෙන්න උත්සාහ ගත්තා. 9 වසර වෙනකොට වේලක් උයන්න පුළුවන් විදිහට හැමදේම මමත් නංගිත් ඉගෙන ගෙන හිටියේ අම්මාට පිං සිද්ධ වෙන්න.

උදේ අවදි වුණ ගමන් වතුර වීදුරු දෙකක් බොන එක තමයි පළමු කාර්යය. ඊට පස්සේ තමයි දවසේ වැඩ සැලසුම් කරන්නේ. නිවසේ ඉන්න දිනකදීත්, රඟපෑම් කටයුතුවලට සහභාගි වෙන දිනවලදීත් සමහර විට මේ ක්‍රියාවලින් වෙනස් වෙනවා. සමහර කාන්තාවෝ රාත්‍රී නින්දට යන්න ඇඳපු රාත්‍රී ඇඳුම නැවත ගලවන්නේ පසුදින රාත්‍රියේ නින්දට යන්න පෙර. එවැනි දසුන් නිවසටම ඍණාත්මකව බලපානවා. ආර්ථික තත්වය කොහොම වුණත් උදේ නැගිට්ටාම පිරිසිදු වෙලා පිරිසිදු ඇඳුමක් ඇඳගෙන දවසේ වැඩ ආරම්භ කරන්න පුළුවන් නම් ඒක පෞද්ගලිකව තමන්ට වගේම තමාගේ වටපිටාවේ ඉන්න අයටත් ලොකු ආශිර්වාදයක් වෙනවා. එහෙම නැතුව ඇඟපත හෝදන්නේ නැතුව ඔළුව පීරන්නේ නැතුව මළ පෙරේතියෝ වගේ ඉන්න ගියොත් එය තමන්ටම පිළිකුල් සහගත කරුණක් වෙයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *