නීති ක්ෂේත්‍රයට හොඳ කලක් – සංගීතේ අසේනි නීතිඥවරියක් වීමට සූදානමින්

ගිත්මා බණ්ඩාර කියන්නේ අපේ රටේ සිටින නවක රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදි. 1998 ජනවාරි 12 වන දින හෝමාගම ප්‍රදේශයේ උපත ලද ඇයට බාල සහෝදරයෙක්ද සිටිනවා. හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් ඇය උසස් පෙළ හදාරන්නේ ගණිත අංශයෙනි.2018 හිරු අවුරදු කුමරිය තරගයෙන් දෙවන ස්ථානය ලබා ගැනීමත් සමඟ දෙරණ නාලිකාවේ සංගීතේ ටෙලි කතාවේ ප්‍රධානම චරිතයට පන පොවමින් ගීත්මා බණ්ඩාර පුංචි තිරයට පිවිසෙනවා.

සංගීතේ ටෙලි කතාවෙන් ඇය ලංකාවම හඳුනා ගන්නවා.එහි ඇසෙනිගේ චරිතයට අපේ රටේ බොහො පිරිසක් ආදරය කරනවා. මේ දින වල ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් ටෙලි නාට්‍යක් වන හිරු ටීවී හි විකාශය වන ‘අහස් මාලිගා’ ටෙලි සිත්තමේ හුරතල් දගකාර චරිතයක් වන ‘තාරු’ නමින් අපට ඇයව මුණගැහෙනවා. ඇය නීල පබළු ටෙලි නාට්‍යයේද චරිතයකට දායක වනවා.ඉතින් අපට දැනගන්නට ලැබුනා නව නිර්මාණ ගිත්ම මේ දිනවල බාර ගන්නේ නෑ කියලා.

ඉතින් අපි ඒ පිබ්න්දව සොයා බැලුවා. ඉතින් ඒ ගැන ඇය පුවත් පතකට පවසා තිබුනේ මේ විදිහටයි. හොඳ නිර්නමාණ ආවොත් නම් බාරගන්නවා. මොකද මට සංගීතේ ටෙලි සිත්තමේ සහ තව ටෙලි නාට්‍ය දෙකට විතර සම්බන්ද වී සිටින නිසා මගේ අද්‍යපන කටයුතු වලට මට බාදා වනවා. මන් නීතිඥවරියක් වීමට මේ දිනවල ඉගෙන ගන්නවා.

ඉතින් එකට මුල් තැන දීලා තමා තියෙන්නේ. නීතිඥවරියක් වුනත් කවදාවත් කලාවෙන් ඈත්වෙන්නෙ නැහැ. කලාව කියන්නෙ හරිම සුන්දර තැනක්. ගෙවුණු වසරේදි එය හොඳින් වැටහුණා. ඉතින් මොන වෘත්තියක නියැළුණත් කලාවෙන් ඈත්වෙන්න අදහසක් නැහැ. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *