දුවගේ තාත්තා කලින් විවාහ වෙච්ච කෙනෙක්..! එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.! උපේක්ෂා

කලා ලෝකය තුළ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන උපේක්ෂා ස්වර්ණමාලි පිළිබඳව තමයි මේ කියන්න යන්නේ. උපේක්ෂා කියන්නේ එදා ස්වාධීන රූපවාහිනිය විකාශය වූ පබා ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ආදරණීය චරිතයක්. මේ ටෙලි නිර්මාණය නිසාම අදටත් ගොඩක් දෙනෙක් ඇයට කතා කරන්නේ පබා කියලා.

දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ආපු අය ඇය පසුකාලීනව තීරණය කරනවා දේශපාලන වේදිකාවට ගොඩ වෙලා දේශපාලනයේ නිරත වෙන්න. නමුත් දේශපාලනය තුළින් පරාජය ලැබුවට පස්සෙ ඇය තේරුම් ගන්නවා දේශපාලනය කියන්නේ ඇයට සුදුසු වේදිකාවක් නොවේ කියන දේ. ඒ නිසාම ඇය පසුගිය දවස් වල සඳහන් කරලා තිබ්බා ජීවිතයේ ලොකුම මෝඩකම තමයි ඇය දේශපාලනයට ආපු එක කියන දේ. ඒ නිසා ඇයව නැවත වතාවක් දේශපාලනයෙන් අපට දැකබලා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

උපේක්ෂා කියන්නේ මේ වෙද්දි ආදරණිය සිඟිති දියණියත් එක්ක තනි මවක් විදිහට කටයුතු කරන කෙනෙක්. ඇය තමන්ගේ ස්වාමියාගෙන් වෙන් වෙලා තමයි ජීවත් වෙන්නේ. උපේක්ෂගේ දුව දැන් ටිකක් ලොකුයි රූගත කිරීම් කරන්න යද්දී ඇය දුව එක්කන් යන්නත් අමතක කරන්නේ නැහැ. මොකද කවුරුත් ඉස්සරහ දුවව තියලා යන්න ඇය කැමති නෑ ඇයට දුවව ඇස් ඉදිරියේ තියාගන්න ඕනේ.

උපේක්ෂා කියන විදිහට දුවට දැන් අවුරුදු පහක් ඒත් අවුරුදු පහට ඇයට ඕනෑවටත් වඩා ආදරය දුවගෙන් ලැබෙනවාලු. ඒ නිසාම විවාහ ජීවිතයෙන් තනි වුණා  කියලා ඇය කිසිසේත් දුකෙන් සෝකෙන් කටයුතු කරන්නේ නැහැ. නමුත් තනියෙම අම්මා කෙනෙකුට ජීවත්වෙන අපහසුයි තාත්තා කියන භූමිකාවත් දරුවෙකුට අත්‍යවශ්‍යයි. ඉතින් ඇය දියණියගේ තාත්තා පිළිබඳව කිව්වේ මේ වගේ සංවේදී කතාවක්.

“මගේ දුවගේ තාත්තා කලින් විවාහ වෙච්ච කෙනෙක්.  එයාට ඒ පවුලෙ දරුවො දෙන්නෙක් ඉන්නවා.මං ඒ දරුවො දෙන්නත් එක්ක ගොඩක් සමීප වුණා ඒක ගොඩක් වැඩි වුණා. එතකොටත් ප්‍රශ්න එනවා හැබැයි අපිත් මිනිස්සු දරුවෙක් එක්ක නැවත විවාහ වෙනවා කියන එක ලේසි නැහැ. පුළුවන් තරං අපි බුද්ධිමත් වෙන්න ඕනේ විවෘත වෙන්න ඕනේ අනාගත සැලසුම් ගැන නොගැලපීම් ගැන අවංක වෙලා විවෘත වෙලා කතා කරගන්න පුළුවන් නම් හොඳයි”

ඉතින් ඇය ඇගේ පෞද්ගලික ජීවිතයේ  සිදුවීම් පිළිබඳව ඒ විදිහට තමයි අදහස් ඉදිරිපත් කළේ.කෙසේ නමුත් තවත් බොහෝ කාලයක් ආදරණීය දියණිය සමග සතුටින් මේ ඉන්නට ඇයට වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *