නෙළුම් පොහොට්ටුවේ තවත් බෙදීමක්..! පසුපෙල මන්ත්‍රින් 25ක් සමගින් පොහොට්ටුව හැරදා ජනපති රනිල් සෙවනට එන අළුත්ම ප්‍රබලයා මෙන්න..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයේදි තරගවැද ජයග්‍රහණය කරන ලදුව පාර්මේන්තුවේ කටයුතු කරන පොහොට්ටු මන්ත්‍රින් 25ක පමණ කණ්ඩායමක් සියනෑ ප්‍රදේශය නියෝජනය කරන හිටපු ප්‍රබල රාජපක්ෂවාදියෙක් සමගින් නුදුරේදීම ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයදීම සදහා සුදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ. මෙම අමාත්‍යවරයා ප්‍රබල දේශපාලන පරපුරකින් පැවත එන පළාත් සභාවේ සිට මැතිසභයට පැමිණි අත්දැකිම් බහුල දේශපාලන නායකයෙක් බවද සදහන්.

මේ වන විට එම කණ්ඩායම සමග දිස්ත්‍රික් නායකත්වය දරන ප්‍රබලයන් කිහිපදෙනෙක්ද ඇතුළුව මන්ත්‍රීවරුන් 25ක් පමණ එක්ව කටයුතු කරමින් සිටින බව ද සඳහන්ය.

ඒ අනුව මෙම පිරිස ඉදිරියේ දී නිල වශයෙන් සන්ධානගත වීමට බලාපොරොත්තු වන අතර ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ද නියමිතව තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *