උත්සව සමයට අඛණ්ඩව විදුලිය සහ ඛනිජ තෙල් බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක්..!

එළැඹෙන සතිඅන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.

හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජත්‍යන්තර මර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අදාළ පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන බවට ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

අනවශ්‍ය ලෙස සතිඅන්තයේ සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවද කාංචන විජේසේකර අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි.

උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී තිබේ.  

සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත එම දැනුම්දීම සිදුකර ඇත.

එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑමට සියලුම ඉන්ධනහල් කටයුතු කළයුතු බවට ය.

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් කපිල නාඔටුන්න මහතා මේ බව සඳහන් කළේය.

කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයක් මත නතර කර ගැනීමට පියවර ගැනීම නිසා මෙම එකඟතාවට පැමිණි බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *