නාන ගමන් ශවර් එකෙන් මුහුණ හේදුවොත් ඔබේ මුහුණට සිදුවන දේ..!

නාන වෙලාවට මේකප් ඉවත් කරන එක කොයිතරම් ලේසි වුණත්, මෙමගින් ඔයාගෙ සමේ සෞඛ්‍යයට වඩා වැඩි හානියක් සිදු කළ හැකියි. ඔයාගෙ මුහුණේ සම, සිරුරේ සමට වඩා සංවේදී වන අතර, සීතල වතුරෙන් ස්නානය කරන්නෙ නැත්නම්, නාන වෙලාවට මුහුණ සෝදන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳම දේ.

නාන අතරතුර මුහුණ සේදීම මගින් මුහුණේ සමට ඇතිවෙන්න පුලුවන් අවාසි කිහිපයක් ගැන තමයි අද අපි කතා කරන්නෙ.

01. එමගින් කුරුලෑ වඩාත් නරක අතට හැරිය හැක.

දිගු වෙලාවක් උණු වතුරෙන් නෑමෙන් ඔයාගෙ සමට අත්‍යවශ්‍ය ස්වාභාවික තෙල් ඉවත් විය හැකියි. ඒ වගේම වියළි සමක් තියන අයට ස්නානය කරන අතරතුර මුහුණ සෑදීමෙන් තවත් ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සමේ වියළි ගතිය නැති කරගන්න වැඩිපුර මොයිස්චරයිසර් ක්‍රීම් යෙදීමෙන් අන්තිමට ඔයාගෙ සම කුරුලෑ සහ වෙනත් සමේ ආසාදන වලට ගොදුරු වෙන්න පුලුවන්.

02. සමේ මතුපිටට බලපෑම් කළ හැකියි.

නාන වෙලාවට මුහුණ සේදීමෙන් ඔයාගෙ සම රතු පැහැයට හැරේ. නාන්න ගන්න උණු වතුර මගින් මුහුණේ තියන රුධිර වාහිනී ප්‍රසාරණය වීම මඟින් ඔයාගෙ කම්මුල් වල ඇති සියුම් කේශනාලිකා වලට හානි විය හැකියි. මෙය අනෙක් අතට, දෘශ්‍ය කේශනාලිකා ජාල හෝ රෝසෝසියා වගේ ඉතා පොදු සමේ රෝග තත්වයකට හේතු වෙන්නත් ඉඩ තියනවා.

03. අකලට මුහුණ රැළි වැටීමට හේතු විය හැකියි.

දිගු වෙලාවක් උණු වතුරෙන් ස්නානය කිරීමෙන් පසු ඇඟිලි රැළි වැටෙන ආකාරය ඔයා දැකලා ඇති. මෙය සිදු වන්නේ උණු වතුරෙන් ඔයාගෙ සමේ තෙතමනය ඉවත් කර තෙතමනය රඳවා ගැනීමට උපකාරී වන සමේ ආරක්ෂිත ස්ථරයට හානි වීම නිසයි. නිතරම උණු වතුරට නිරාවරණය වුවහොත් මුහුණේ සහ ශරීරයේ සම ඉක්මනින් වයසට යා හැකියි.

04. සෞඛ්‍ය සම්පන්න සම වඩාත් සංවේදී විය හැකියි.

ස්නානයේදී මුහුණ සේදීම සාමාන්‍ය සමට හොඳ දෙයක් නෙවෙයි. උණුසුම් ජලය මගින් සම වියලි හා සංවේදී බවට පත් කරනවා. විශේෂයෙන් ශීත කාලයේදී සම වියලි ස්වභාවයට පත් වීමේ වැඩි අවදානමක් ඇති විට අධික උණුසුම් වතුරෙන් ස්නානය නොකිරීම වඩාත් හොඳයි.

05. සමේ කැසීම් ඇති කළ හැකයි.

දිගු වෙලාවක් ස්නානය කිරීමෙන් පසු සමේ තරමක් කසන සුළු බවක් ඇති වෙන බව ඔයාලා ගොඩදෙනෙක් අත්විඳලා ඇති. මේ කැසීම වැඩි වෙලාවක් පවතින්නෙ නැතත් නිතරම උණු අතුරෙන් ස්නානය කරන අතරතුර මුහුණ සේදීමෙන් ඔයාගෙ සම කැසීම සහ සම ගැලවීම වීම පවා සිදු විය හැකියි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *