අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වා ව්‍යාපාර දිවියේ දශක තුනක සාර්ථකත්වය සමරයි

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රනිල් ද සිල්වා මහතා අමාමී සන්නාමයේ (www.hotelsupplies.lk) නිෂ්පාදන දෙස් විදෙස් වෙළෙදපොළට සපයමින් සැපිරූ දශක තුනක ව්‍යාපාර දිවිය සැමරීමේ උත්සවය පසුගියදා…

පහළ ආ රන් මිල අධි වේගයෙන් යළි ඉහළට

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක්…

රට ගිය ඇත්තෝ ඩොලර් මිලියන 844ක් එවති

2023 වසරේ මුල් මාස 02 තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ‌එක්සත් ජනපද ‌ඩොලර් මිලියන 844.9 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්ව ඇත….

රුපියලේ වටිනාකම 14%කින් වැඩිවෙලා

2023 වසරේ මාර්තු 10 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 14කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල්…

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය ගැන වෘත්තීය සමිති සහ ඇමති අතර සාකච්ඡා

විදුලි වෘත්තීය සමිති සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ. ඊයේ (12) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී එම සාකච්ඡාවක් පවත්වා ඇති  අතර ඊට ලංකා විදුලි බලමණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සහභාගී වී…

යාල්දේවි පීලි පනී…!

කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබේ. දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය…

කිව්.ආර්. මාස තුනකින් අවසන්

වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. රටේ ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් දීමේ හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා…

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි

(අශන්ති වරුණසූරිය) කාලයක් තමන්  නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත් කිරීමට කුහකකම් දුරලා සියලු දෙනාම එකට එකතු වී කටයුතු කළ යුතු බව…

සිකුරාදා IMF සාකච්ඡාවට එක්වන රටවල් මෙන්න

සිකුරාදා දිනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අථත්‍ය වටමේස සාකච්ඡාවට චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ G-7 කණ්ඩායම මෙන්ම ණය සහනයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වසර 111ක් පැරණි සුරාබදු පනත සංශෝධනයට තීරණය කෙරේ

නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන ආඥා පනත 1912දී හඳුන්වා දී තිබුණි. එය වර්තමානයට ගැළපෙන පරිදි…