Blonde (2022)…, යනු අති සරාගී මැරිලීන් මොන්රෝටද පිතෘ සංකීර්ණයෙන් (Father Complex) ගැලවීමක් නොවූබවද……?
Blonde චිත්‍රපටිය හැදෙන්නේ සුප්‍රකට හොලිවුඩ් සරාගී ගිනිසිළුව මැරිලීන් මොන්රෝගේ ජීවිතයේ සිදුවීම් පෙළක් පාදක කරගෙන. ඇත්තටම ගත්තොත් මට අනුව නම් මේක සම්පූර්ණයෙන්ම මැරිලීන්ට ලෝකය මෙලෙස පෙනෙන්නට ඇතිය කියන නිර්මාණශීලී උපකල්පනය මත ඒක ගැන හැදුණ ෆිල්ම් එකක් මිසක් මැරිලීන් මොන්රෝගේ ජීවිත කතාවනං නෙවෙයි. මම International film criticism වලත් දැක්කෙම මෙන්න මේ අවුල. හැමෝටම ඕනෙ මැරිලින්ගේ ජීවිත කතාව ෆිල්ම් එකේ බලන්න. නමුත් ඒකට ඕනෙතරම් Documentaries තියෙනවා එයා ගැන. ඒකට ෆිල්ම් එකක් අවශ්‍ය නෑ.
ෆිල්ම් එක පටන් ගන්නේ මැරිලීන්, ඒ කියන්නෙ ළමාවියේ Norma Jean ට එයාගෙ තාත්තගේ පිංතූරයක් අම්මා පෙන්නන තැනින්. එතන ඉඳලා මේ ෆිල්ම් එක පුරාවටම Norma හෙවත් මැරිලීන් තමන්ගේ තාත්තව හොයනවා ෆිල්ම් එක ඇතුලේ භෞතිකව සහ සාංකල්පිකව. ඒ අතරේ චිත්‍රපටියේ ප්‍රේක්ෂකයා මැරිලීන්ව හොයනවා ෆිල්ම් එක ඇතුලේ භෞතිකව සහ සාංකල්පිකව.
මැරිලීන් එයාගෙ හැම ස්වාමිපුරුෂයාටම කියන්නේ DADDY කියලා. එයා එයාගෙ husband ලගෙන් Daddy හොයනවා. සීනිතාත්තලා ලෝකෙට අත්‍යවශ්‍ය පිරිසක් වෙන්නෙම මේ හිංදා මම හිතන්නෙ. ෆිල්ම් එකේදි විශේෂයෙන්ම Arthur Miller ට එයා Daddy කියද්දි Arthur ගේ චරිතය රඟපාන Adrien Broody (The pianist නළුවා) ගේ ප්‍රතිචාර රංගනය මට අනුවනම් විශිෂ්ඨයි. ඒ වගේම දැඩි විශාදයෙන්, ආත්මානුකම්පායෙන්, අනාරක්ෂිත බවකින් පෙළුණු Marilyn ගේ හැඟීම්වල Ana de Armas ගේ ප්‍රකාශණයත් මටනං සෑහෙන්නම ආතල්.
කොහොම උණත් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය මැරිලීන් මොන්රෝ නොවුණනං මේක Father issues හෝ Daddy issues කියලා හඳුන්වන ළමාවියේ පියාගෙ බලපෑම ළමයා වැඩිහිටියෙක් උණාට පස්සේ උගේ පෞරුෂයට බලපාන්නේ කොහොමද කියන එක ගැන සෑහෙන හොඳ චිත්‍රපටියක්. ඒත් අවාසනාවකට ඒකේ මැරිලීන් මොන්රෝ ඉන්නවා. ඒනිසා ප්‍රේක්ෂකයා මැරිලීන්ගේ එල්ලෙනවා.
මම ආයෙමත් කියනවා මේ ෆිල්ම් එකේ තියෙන්නේ නිර්මාණශීලීව උපකල්පනය කරපු Marilyn ට පෙනෙන ලෝකයක්. ඒ නිසාමයි මටනම් හුඟක්දෙනා විවේචනය කරන John F. Kennedy එක්ක සෙක්ස් සීන් එකේ අවුලක් නැත්තේ. මොකද self victimize කරගන්න මැරිලීන්ට ඒක පේන්නේ ඒ විදියට වෙන්න ඕනෙ……
Killing them Softly, assassination of jesse james, chopper වගේ චිත්‍රපටි කරපු Andrew Dominik වගේ එකෙක් වැරදිලා ඒක කළා වෙන්න බෑ. ඒ නිසා මම යෝජනා කරන්නේ අධ්‍යක්ෂවරයාගේ lines අතර ෆිල්ම් එක කියවන්න කියලයි. Read in between the lines කියන අදහසින් මම කියන්නෙ.
Cinematography සහ Blocking and staging කියන සිනමාරූපී විෂය කරුණු වලින් බැළුවම මට හිතෙනවා Blonde ටිකක් over treated film එකක්ද කියලත්. කොහොමත් Andrew Dominic කියන්නෙත් Guy Ritchie වගේම කැමරාව සහ රූපය එක්ක ටිකක් ජිමික්ස් කරන්න ආස ඩිරෙක්ටර් කෙනෙක් මට පේන විදියට. Film Aspect Ratio එක play කරන විදියත්, සමහ සිදුවීම් over stylist විදියකට stage කිරීමත් මටනං ටිකක් disturb කියලා හිතුණා.
පීතෲ සංකීර්ණය නිසාම personality disorder එකකින් පෙලෙන පජාතම විදියට Depressed ආත්මයකුත්, මුළු ලෝකයම ලිංගිකව පිස්සු වට්ටවපු මාංශමය ශරීරයකුත් අතර හෙවත් Norma සහ Marilyn අතර එයාගෙ ඇතුලේම ඇතිවෙන සංකීර්ණ ඝට්ටනය ෆිල්ම් භාෂාවෙන් එළියට ගේන්න ලේසි නෑ ඩිරෙක්ටර් කෙනෙකුට. එතනදී මට Andrew Dominik සෑහෙන්න ගොඩ….
තාත්තා, අම්මා සංකීර්ණ, හිස්ටෙරිකයා, හිස්ටීරියාව වගේ දීප්ති ඇතුළු X කණ්ඩායම එකල කියන්න උත්සාහ කරපු, අදටත් අපට නොතේරෙන හුඟක් දේ හතළිහ වයසෙදි මට ටික ටික Realize වෙන්න පටන්ගන්නවා…….. සැබෑ වයසින් මැදිවිය පටනගන්නව උණාට සිනමාවෙදි මම තාම තරුණයි….. ඉතිං ලොකුවෙලා මමත් හොඳ ෆිල්ම් එකක් කරනවා……
https://www.youtube.com/embed/aIsFywuZPoQ
Blonde (2022) බලන්නට වටින චිත්‍රපටියක් ……..
Laka Darmarathna ගේ ෆේස්බුක් පිටුවෙන්…